• (+94) 0705316620
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Watapotha maha vidyalaya

ර/නිවි/වටාපොත මහා විද්‍යාලය

Nivithigala Zone

  • Register
  • Login
Watapotha maha vidyalaya

ර/නිවි/වටාපොත මහා විද්‍යාලය

Nivithigala Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

කිරිබත්ගල කඳුවැටියෙන් හා වේ ගඟින් මැදි වූ වටාපත නම් ගම් පියසෙහි සිටි ජනයා ක්‍රි.ව.1931 වර්ෂයේ තම දරු දැරියන්ට සිප් සතර කියා දීමට ඉදිකළ විදුබිම සුමිත්තානන්ද මහා විදුහලයි. 
වටාපත ගමට ආලෝකයක් වූ සුමිත්තානන්ද පන්සලෙහි විහාරාධිපතිව වැඩ සිටි සුමිත්තානන්ද නායක නාහිමියන් හා ගමෙහි වත්පොහොසත්කමින් ඉහළින් වැජඹුණු කළුපහන මහතා සහ මරික්කාර් මහතා යන ආදීන් මුල් වී කුඩා කඳු ගැටයක් උඩ කටුමැටි ගසා පොල් අතු සෙවිලි කර මුල් ම ගොඩනැගිල්ල ඉදිකරන ලදී.
ගමෙහිම ඉපිද තම උත්සාහයෙන් ඉදිරියට ගිය සිල්වා නම් තරුණයා මෙහි මුල්ම විදුහල්පති ලෙස වැඩ ආරම්භ කරන ලදී. පසුව මෙහි කන්නංගර, කුරුප්පු, මාතර ආරච්චි, ශාන්ත, ජිනදාස, ප්‍රේමරත්න, ජිනසේන, ගුණතිලක, ධර්මසේන, එරබද්ද, බණ්ඩාර යන ගුරුපියවරුන් ආදීන් මෙහි එදා නිවූ ලෙස පාසලේ  ලොකු මහත්තයා ලෙස වැඩ කර ඇති අතර අද ධර්මරත්න ගුරු පියාණන් මෙහි වැඩ කටයුතු ඉදිරියට සොයා බලා කටයුතු කරයි.
එදා භාවිත කළ සුමිත්තානන්ද විදුහල කාලයාගේ වෙනස්වීමත් සමඟ අද වටාපත මහා විදුහල නමින් නම වෙනස් වී ඇත.
ආරම්භයේ සිටි ගුරුභවතුන් ගණන එකක් වුවද අද 26 දක්වා වර්ධනය වී ඇති අතර සිසුන් නව දෙනෙකුගෙන් ඇරඹි පාසලට අද සිසුන් 300 ඉක්ම වූ දරු පිරිසක් අකුරු කරන්නට එති.
එදා තිබූ කටු මැටි ගොඩනැගිල්ල, අද ගලින් නිම වූ දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ගොඩනැගිලි පහකින් සමන්විතව ඉතා දියුණු තත්වයට පත් වී ඇත.
කිරි කොක් රෑනක් මෙන් උදෑසන පාසල කරා පියනගන දරු දැරියන් පාසලෙහි එදා සිට අද දක්වා පැවති දියුණුව අපට කියා පායි.
 විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර  ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ඉංග්‍රීසි අංශය, පුස්තකාලය,  ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
මේ හැර රුක් රෝපණ වැඩසටහන්, අවුරුදු උත්සව පැවැත්වීම්,සිසුන් හඳුනා ගැනීමේ වැඩසටහන්, නිර්මාණ ප්‍රදර්ශණ, වෙසක් උත්සව වැඩසටහන්, විවිධ සංස්කෘතීන් නියෝජනය වන උත්සව පැවැත්වීම්, පොසොන් උත්සව සැමරීම්, බෝධි පූජා පිංකම්, ක්ෂේත්‍ර චාරිකා ලමා දින වැඩසටහන්, විවිධ ප්‍රසංග පැවැත්වීම් ආදී විෂය සමගාමී ක්‍රියාකාරකම්ද ඉතා ඉහළින් පවත්නාගෙන යනු ලබයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 26ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 4කින් සමන්විතය. තුන්සිය දහ අටක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. 

ආරම්භ කළ වර්ෂය

1931

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

09

මුල් ගුරුතුමාගේ නම

සිල්වා මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ර/නිවි/වටාපත මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

බී.එල්.ධර්මරත්න මයා

පාසල පැවැත්වූ ස්ථානය

වටාපත ප්‍රෙද්ශයේ උස කඳුවැටියක් මත

 

 

 

 

Watapotha maha vidyalaya

ර/නිවි/වටාපොත මහා විද්‍යාලය

Nivithigala Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය වටාපොත,නිවිතිගල
  • දුරකථන(+94) 705316620

Supported By

© 2026 Watapotha maha vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk