වටාපත ගමට ආලෝකයක්ව තිබූ සුමිත්තානන්ද පන්සලෙහි විහාරාධිපතිව වැඩ සිටි සුමිත්තානන්ද නායක හිමියන් හා ගමෙහි වත්පොහොසත්කමින් ඉහළින් වැජඹුණු කළුපහන මහතා සහ මරික්කාර් මහතා යන අය මුල්වී කුඩා කඳු ගැටයක් උඩ කටුමැටි ගසා පොල් අතු සෙවිලි කර අප පාසලේ මුල් ම ගොඩනැගිල්ල ඉදිකර ඇත.