![]() |
විදුහල්පති පණිවිඩයර/නිවි/වටාපොත මහා විද්‍යාලය |
මේ වන විට අධ්‍යාපන සංවර්ධනයක් මෙන්ම භෞතික සංවර්ධනයක් ලබමින් විශිෂ්ඨත්වය කරා පියනගන අප විද්‍යාලය සබරගමුව පලාතේ නිවිතිගල අධ්‍යාපන කොට්ඨාශයේ දීප්තිමත් පාසලකි. මේ වන විට විද්‍යාලයීය දරු දැරියන් කලාප, පලාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක්ම ලඟාකර ගෙන ඇත. පාසලෙන් බිහිවූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. මේ වන විට ඔවුන් රටේ ඉහළ තානාන්තර ලබා ගනිමින් රට දැය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටිති.
අප විද්‍යාලය තොරතුරු තාක්ෂණය අතින් ද විශාල දියුණුවක් ලබාගෙන ඇත. ශිෂ්‍ය අධ්‍යාපන කටයුතු සංවර්ධනය සඳහා අවශ්‍ය සුහුරු පන්තිකාමර, පරිගණක විද්‍යාගාර ආදී අවස්ථාද අප සතුව ඇත. අප විද්‍යාලය හා සම්බන්ධ සියලු පාර්ශවයන්ට අදහස් හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඉතා වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරමි. මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වී පාසලේ උන්නතිය සඳහා දායකත්වය ලබාදෙන ලෙස ආරාධනා කරමි.
මේ මා හැඟි කර්තවය සාර්ථක කර ගැනීමේදී ඒ සඳහා නන් අයුරින් සහය ලබාදුන් නිවිතිගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකතුමියට, විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය භාර ආර්.කේ.එස්.රාජපක්ෂ මහත්මියට සහ අනෙකුත් සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තුතිය පුදකරන අතර දරුවන්ගේ යහගුණයන් මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති
ර/නිවි/වටාපත මහා විද්‍යාලය
