අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

කිරිබත්ගල කඳු වැටියෙන් හා වේ ගඟින් මැදි වූ වටාපත නම් ගම් පියසෙහි සිටි ජනයා ක්‍රි.ව.1931 වර්ෂයේ ඉදි කර ඇති මෙම වටාපත මහා විද්‍යාලය නම් වූ විදුහල එවකට හඳුන්වා ඇත්තේ සුමිත්තානන්ද මහා විද්‍යාලය නමිනි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, දරුවන්ට යහ මග පෙන්වීම සඳහා ඉතා උනන්දුවෙන් කටයුතු කරන ආචාර්ය්‍ය මණ්ඩලයක් සහිත මෙම පාසල කලාපයේ ඉහළ ස්ථානයක් හිමිකර ගෙන ඇති පාසලකි.




